Tuesday, May 21, 2013

ආදිමාතා

විශ්වමාතා යනු පරම නිහැඩියාවයි ශූන්‍යත්වයයි.එයින් ප්‍රාදූර්භූතවන ක්‍රියාකාරීත්වය නිසා ඊට විරුද්ධව යළි චලනයක් සිදුවේ.සියළු සංසිද්ධීන් එයින් ඇතිවේ.එක් චලනයකින් තවෙකක් ලෙසය.ප්‍රථම චලනය විශ්වමාතාවයි.විශ්වමාතා සංසිද්ධීන් ඇතැම්විට සරලවද පුදුම දේවල් ලෙසද බාහිරින් දුටු විට පෙනේ.එහෙත් ඒ යථාර්ථයේ ගැඹුරයි.

ආදිමාතා මන්ත්‍රයේ කථාව දැනගත යුතුය.විශ්වමාතාව විසින් ආදිමාතාව නිර්මානය කරනු ලැබීය.ආදිමාතාව දියණියන් බිහිකළාය.මේ දියණියන් තවත් දියණියන් බිහි කළාය.විශ්වමාතාව වෙනුවෙන් කළ යුතු පුද පූජා කරනු ලැබීය.මේ පූජා අතර වැදගත්ම පූජාව වූ බිලිපූජාව සදහා සත්වයෙක් ආදිමාතාවට තිලින කරනු ලැබීය.මේ සත්වයා ට පෙම් බැද ආදිකාලීන දූවරු පාපයට වැටුනි.

මෙසේ පෙම්බැන්ඳ දූවරු පුරුෂයන් බවට පත් විය.සත්වයා සමග කාමයේ හැසිරුන අය ගැහැණු සතුන් බවට පත් විය.ඉන්පසුවද සත්වයා සමග කාමයේ හැසිරුන විට පිරිමි සතුන් බවට පත් විය.ආදිමාතාව සත්වයා අල්ලා බිලි දුන් නමුත් ඉන්පසු අමරණීයත්වය හා දූවරු පමනක් ඉපදීම ,නිරෝගීකම හා සතුට යන වරයන් අහිමිවිය.

ආදිමාතා පංච විධානයන් තම දූවරුන්ට පනවා මිය ගියාය.
ඒ පංච විධානයන් මෙසේය

ඉපදවීම හා මැරීම ස්ත්‍රියට අයත් වූවකි
ගෙල කපා මැරූ සතුන්ගේ මාංශය පමනක් අනුභව කළ යුතුය.ගෙලක් නැති සතුන්ට පිහියෙන් ඇන මරාලේ ඉවත් කළ හැක.අනුභවයට සුදුසු දෙපා හා සිවුපා සතුන් පමණි.එනම් පක්ෂීන් හා ක්ෂීරපායීන් පමණි.

නාරි නමස්කාරය 

 බිලිපූජා පැවැත්වීම

කාමය වෙනුවට කප්පාදු මාවත

ආදිමාතාවගෙන් පසු දූවරුන්ට පුරුෂයන්ගෙන් හා සතුන්ගෙන් හිංසා පීඩා ඇතිවන්නට විය.එක් කාන්තාවක් බාරයක් වී දුෂ්ටයන් විනාශ කරන්නේනම් තමන්ට උපදින පුත්‍රයා බිලි දෙන බව පැවසුවාය.ඇයට උපන් පුත්‍රයා ටිකෙන් ටික ලොකු වන්නට විය.එක් දිනක් ඔහු තමන්ට වරයක් ඉල්ලා සිටියේය.මේ කාන්තාව ඊට සතුටුව ඒ කුමක්දැයිඇසුවාය.තමන් කන්ද උඩ ඇති විශ්වමාතා දෙවොලට ගෙන ගොස් කපා දමන ලෙසයි.මේ ඇසූ ඇයට බාරය මතක් විය.තරුණයා කපා බිලි දුන්පසු ආදිමාතාව ඇගේ කුසේ පිලිසිදගත්තාය.


මේ කාන්තාව තමන්ට උපන් දියණිය එනම් ආදිමාතා ඉතා රහසේ ඇතිදැඩි කළාය.කැලයේ සිට එලියට ආ නව යොවුන් තරුණිය දුටු පුරුෂයෝ ඇය විවාහ කර ගැනීමට දිව ආහ.එහෙත් ඇයට මෙන් ශක්තියක් කිසිවෙකුට නොතිබුණි.සියල්ලන්වම පරාජය කළ විශවමාතාව සියලු දුෂ්ටයන්ට මරන දඩුවම දී නාරි නමස්කාරය යළි පිහිටවූවාය.

විශ්වමාතාව සදාකාලිකය එහෙත් පුරුෂ දෙවියා මරනයට පත්වී යළි උපදී.නාරි නමස්කාරය එනම් ස්ත්‍රියගෙ දෙපා,යෝනිය,පෙකණිය,පියයුරු හා දෙතොල් වන්දනාමාන කිරීම ත් විශ්වමාතාවට පිරිමි සතුන් බිලි දීමත් සිදුවිය.

කාන්තාවන් ගැබ් ගැන්වීම එක් පිරිමියෙකුට බාර විය.ගැබ් ගැන්වීමෙන් පසු ඔහු ව බිලි දෙනු ලැබීය.අන් සියලු පිරිමි කප්පාදු කුඩා කාලයේදීම කප්පාදු කරනු ලැබීය.

මේ ආදිකාලීන සමාජයයි.ක්‍රි: පූ 6000කට එහා සුළු ආසියාවේ පුරා විද්‍යාත්මක සාක්ෂි හමුවී ඇත.

No comments:

Post a Comment