Monday, May 20, 2013

පටුන

ආගම්  හා දර්ශන ගැන මගේ මතය කියන්නද?මේ සියලු ආගම් එක් මූලයකින් ආ බවත් එම මූලය විකෘතිකළ බවත් මට හැගෙනවා.ආදිම ආගම තමයි විශ්වමාතා ධර්මය.අන් සියලු ආගම් එහි විකාශනයන්.අපගේ සිත කරා යළි ගමන් කිරීම යනු මේ සත්‍ය අවබෝධ කර ගැනීමයි.පාපය,ලිංගිකත්වය ,මෝක්ෂය වැනි කරණු ගැන අප මත පටවා ඇති සංකල්ප  යළි විමසීම අවශ්‍යයි.


මේක නිකම්ම කියන කතාවක් නොවෙයි.ස්ත්‍රී පුරුෂ ලෙස බලවේග දෙකක් පවතින බවත් ස්ත්‍රී බලවේගය ක්‍රියාකාරී බවත් පුරුෂ බලවේගය එයින් මතුවී මියගොස් යළි පුනරුප්පත්තිය ලබන බව කියවේ.මෙහිදී පුරුෂත්වය ස්ත්‍රීත්වයට අවශෝෂනය වේ.ස්ත්‍රීත්වය සදාතනික හා මෝක්ෂ වේ.

සිත දියුණු කිරීමෙන් ගුප්ත බල ලබා ගැනීමේදී මන්ත්‍ර හරහා අනුගමනය කළේ මෙම විද්‍යාවයි.මේ ගැන කතා කරමු.


විශ්වමාතා ධර්මයේ ප්‍රධානම ඉගැන්වීම නම් විශ්වමාතා හැර අන් ආත්මයක් නැති බවයි. ඒ අනුව විශ්වමාතා හැර අන් සියලුම ආත්ම සත්‍ය නොවේ.එය වරදවා වටහා ගැනීමකි,එනම් අවිද්‍යාවයි.විශ්වමාතා ආත්මය එය තුලම වෙනස් වේ.මේ වෙනස් වීම මමත්වයන් ලෙස වරදවා වටහා ගැනේ.එනාම් x කියා ආත්මයක් නැත.එය විශ්වමාතා වගේ කැමැත්ත දිස් වීමක් පමනි.එය x තමන් වියුක්ත ආත්මයක් ලෙස සිතයි.ඇත්තෙනම් සියලු විදවීම් විශවමාතාවගේය.ක්‍රියාවද කර්මයද ඇයමය.


No comments:

Post a Comment